කවි

THE SKY : A truth of life

April 13th, 2026 by Janith Samarasinghe
THE SKY : A truth of life

හැමදාම බිම බලාන ඉන්න මිනිස්සුන්ට නම්,

අහසේ ලස්සන පේන එකක් නෑ...

අහස කොච්චර ලස්සන ද කියලවත්,

ඒ මිනිස්සුන්ට දැන් හරිහැටි නිච්චියක් නෑ...

ඔයාටත් ඒ ලස්සන අහස දකින්න ඕන නම්,

පුරුදු වෙන්න ඔලුව උස්සල අහස දිහා බලන්න...


හවස ඉර බැහැගෙන යන රතු පාට වෙච්ච හැන්දෑ අහස,

සුදු පාට පෙණ කැටි වගේ වලාකුළු පිරිච්ච ඒ ලස්සන අහස,

විහඟුන් නිදහසේ පියාපත් සලන අනන්තයට දිව යන අහස,

ඉමක් කොනක් නොපෙනෙන ඒ නිල්පාට අහස,

හඳත් එක්ක පුංචි තරු හැඩ කරන රෑ අහස....


ඒ අහස කොච්චර නම් ලස්සනයි ද....?

අහස කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ,

මිනිස්සු අහස දිහා බලන්නේ වැස්සක් එනකොට විතරයි...

කළු පාට වැහි වලාකුළු පිරිච්ච,

ගොරවන අහස දකින මිනිස්සු,

මහ හයියෙන් විදුලි සැරයක් කෙටුව ගමන් බයත් වෙනවා...

ඉතිං ඒ මිනිස්සු දකින්නේ අහසේ අදුර සහ බය විතරයි...


කළු පාට වැහි වලාකුළකත්,

සුදු - කළු හැඩ දකින්න සමහරු ඉන්නවා...

විදුලි සැර කොටන කොට ගොඩක් අය,

කොහෙට හරි රිංගල හැංගෙනවා...


හැබැයි සමහරු විදුලි සැර කොටද්දිත් අහස දිහා බලනවා...

ඉතිං එයලා කළු පාට අදුරෙත් දීප්තිය දකිනවා...


මහ ගිනි කාෂ්ටක අව්වේ,

නුවර එළියේ සීත සුළං,

යාන්ත්‍රිකව හමන ඔෆිස් කාමර ඇතුලේ,

කූඩු උන මිනිස්සුන්ට නම්,

එයාලගේ අහසේ ලස්සන කවදාවත්ම පේන එකක් නෑ....

2
Share on:

2 comments

  • kaitho kan
    kaitho kan
    22 May 2026
    wow supiri kawiya🥰
    0
  • s123
    14 Jun 2026
    ''අහස කියන්නේ නිකම්ම වචනයක් නෙවේ කියලා දැනෙන මිනිස්සු'' ''නිල් අහස , තරු අහස , අමාවක අහස , වලාකුළු අහස , විදුලි කොටන අහස ...... මේ හැම අහසකම ලස්සන දකින මිනිස්සු'' එහෙන් මෙහෙන් හරි හම්බුණා ම ගොඩක් සතුටුයි.
    0

Please sign in to post a comment.